වර්තමාන රජය හැමවිටම අන්තවාදී නොවන, මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සමග සුහදව කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සදහන් කරයි.
එක්සත් රාජධානියේ ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ උපදේශකයන් සහ පාඨමාලාව හදාරනජ්යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුආරක්ෂකරාජ්යඅමාත්යරුවන්විජයවර්ධනමහතාආරක්ෂකඊයේ (09දා) අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී එම නියෝජිතයන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය. නියෝජිත පිරිස අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ උතුරේ දේශපාලන පක්ෂ සමග කුමන ආකාරයේ සබඳතාවක් වත්මන් රජයට පවතින්නේද යන්නයි.
සංහිඳියාව ඇතිකිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර පිළිබඳව එම නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු සඳහන් කළේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය සිවිල්පාලනයවත්මන්රජයතහවුරු කර ඇති බවත්, මුරකපොලු සහ පරීක්ෂාකිරීම්ද සීමා කර ඇති බවත්ය.
එසේම උතුරේ සිවිල් පාලනය වඩාත් අර්ථවත් කිරීමට සිවිල් පරිපාලනය පිළිබඳ ප්‍රවීණයෙකු වන එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා උතුරේ ආණ්ඩුකාර ධුරයට පත්කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සේවය පිළිබඳව අදහස් පළකළ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එක රටකට හෝ රටවල් කිහිපයකට පමණක් විශේෂ සැලකිලි නොදක්වන බවත්, විදේශ රාජ්යතාන්ත්රිකසේවාවමධ්යස්ථකිරීමසඳහාවත්මන්රජයසැලකියයුතුපියවරරැසක් ගෙන තිබෙන බවත්ය.
මෙම හමුවට සහභාගී වූ නියෝජිතයන් 14 දෙනාටම අමාත්යවරයාප්රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදුන්නේය. නියෝජිත පිරිස බ්‍රිතාන්‍යය, ප්‍රංශය, දකුණුඅප්‍රිකාව, ජර්මනිය, ජපානය, අයර්ලන්තය යන රටවල නියෝජිතයන්ගෙන් සමන්විත විය.