රජය අඩුකළ ඖෂධ 48ක මිල යළි වැඩිකරලා
රජය විසින් මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48හි මිල පසුගිය බ්‍රහස්පතින්දා (14දා) සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නැවත වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටින්නේ 2017 දෙසැම්බර් මස 14 වැනිදා අංක 2049/31 අති විශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති මෙම මිල වැඩි කිරීම තුළ සමස්තයක් ලෙස 5%ක පමණ ප්‍රතිශතයකින් වැඩිවී ඇති බවක් දක්නට ලැබුණද, ඇතැම් ඖෂධයන්හි මිල5%ක ප්‍රතිශතයක්ද ඉක්මවා ඉහළ දමා ඇති බවක් දක්නට ලැබෙන බවයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මේ පිළිබඳ 'අද' කළ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙඳ පොළ තුළ ඖෂධ මිළ ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ 5%කින් ඖෂධ මිල වැඩි කිරීමට සිදු වූ බවයි.
එසේම, මෙම මිල වැඩි කිරීම වසරකට බලපැවැත්වෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම කාලය තුළදී ලෝක වෙළෙඳ පොළෙහි ඖෂධ මිළ ඉහළ ගියද ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


