දකුණු ඉන්දීය සුපිරි නළු ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරිම සම්බන්ධයෙන් ඔහුව ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට කටයුතු සැලසුම්කළ ඥානම් පදනම නිවේදනයක් නිකුත් කරමින් එහි වත්මන් තත්ත්වය පැහැදිලි කොට තිබේ.
පවතින තත්ත්වය යටතේ සුපිරි නළුවා අපහසුතාවට පත්කිරිමට අවශ්‍යතාවක් නොමැති බවත් ඇතැම් දෙශපාලඥයින් විවිධ කටකතා පතුරවමින් වාසියක් ලැබා ගැනිමට උත්සාහ කරන බවයි.
ඥානම් පදනම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකළ නිවාස ඒකක 150ක් දමිල ජනතාව වෙනුවෙන් බෙදා දීමේ උත්සවයකට එක්වීම සඳහා රජනිකාන්ත් එළැඹෙන මස 9 දා හා 10 දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.
එහිදී ඔහු මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, ත්‍රිකුණාමලයේ හා මඩකලපුවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.