ඒඩ්ස් රෝගය නිවාරණය උදෙසා ඔසුවක් නිපදවා ජාත්‍යන්තරයෙන් පිදුම් ලද කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ශාන් මාලේවන ශිෂ්‍යයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18දා) සිය උපහාරය පුද කළේය.
පසුගියදා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී පැවති අන්තර්ජාතික විද්‍යා පර්යේක්ෂකයින්ගේ ඔලිම්පියාඩ් තරඟයට රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා නැනෝ තාක්ෂණය භාවිතා කරමින් ඒඩ්ස් රෝග නිවාරණය සදහා නිපදවූ ඖෂධය විද්‍යාඥයින්ගේ මහත් සැළකිල්ලටත් පැසසුමටත් ලක්විය.
තරගයේ ජයග්‍රහකයින්ට පිරිනැමෙන රන් පදක්කම් හතරෙන් පදක්කම් 2ක් හිමි කරගැනීමට රඛිත දිල්ෂාන් සමග තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු සමත් වූහ.
අද උදැසන ජනපති නිලනිවසේදි රඛිත දිල්ෂාන් ශිෂ්‍යයා ජනාධිපතිතුමන් හමුවිය.රඛිත දිල්ෂාන් සිසුවාගේ දක්ෂතාවය අගය කළ ජනාධිපතිතුවරයා ඒඩ්ස් නිවාරණ ඖෂධය පිළිබද වැඩිදුර පර්යේෂණ කිරිමට කොතලාවල ආරක්ෂක පීඨයට පිවිසිය හැකි බවත් ඒ සදහා සියලු ආධාර උපකාර කිරිමට තමාත් රජයත් කටයුතු කරන බවත් පැවසීය.
" ඔබ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කරදුන් දරුවෙක්. ඔබගේ හැකියාව හා දක්ෂතාවයට ජාත්‍යන්තර තලයේ ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරනවා. යැයි ජනපතිවරයා පැවැසීය.මෙහිදි ජනාධිපතිවරයා රඛිතට සමරු තිලිණයක්ද පිරිනැමීය.