රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති හා අධ්යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
ඒ අනුව රක්නා ලංකා සමාගමේ සභාපති ලෙස වික්ටර් සමරවිර මහතා පත්කොට තිබෙන අතර එහි අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ජයන්ත ධනපාල, ඒ.ඒ. වික්රමසිංහ, ධර්මසේන හපුතන්ත්රි, සරත් ජයතිලක යන මහත්වරු පත්කොට ඇත.
එසේම ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව සභාපති ලෙස අංසක දොඩංවෙල මහතා පත්කොට ඇති අතර එහි අධ්යක්ෂ මණ්ඩලයද වෙනස් කොට තිබේ.