රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදු වූ බව කියන දූෂණ හා වංචා සඳහා වගකිවයුතු පුද්ගලයන් ලෙස හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත කොළඹගේ හා ජයන්ත පෙරේරා, ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්න බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම විසින් නම් කරනු ලැබීය. කෙසේ වෙතත් එම වංචා හා දූෂණ සඳහා ඇවන්ට් ගාඩ් සභාපති නම් කිරීමට එරෙහිව ඔහුගේ නීතිඥයින් විසින් මූලික විරෝධයක් ඉදිරිපත් කළේය.