සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ කටයුතු සාමාන්‍ය පරිදි ඉදිරියටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට රජය මීට පෙර ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබිණි.
එහෙත් එම සමාගම වෙතින් විශ්‍රාමික රණවිරුවන්ට සිදුවන සුභසාධනය සලකා තවදුරටත් එහි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසත්, ඒ සඳහා වන යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ආයතනයේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
රක්නා ලංකා සමාගමේ ඇති ගොඩබිම් හා මුහුදු ආරක්ෂකයන් වශයෙන් 1500කට ආසන්න විශ්‍රාමික රණවිරුවන් සේවයේ යෙදී සිටින අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආයතන රාශියකට සිය සේවාවන් සපයනු ලබයි.
ගුණාත්මක සේවාවන් සැපයීම තුළින් ක්ෂේත්‍ර‘යේ විශ්වාසය දිනා සිටින රක්නා ආරක්ෂක ලංකා සමාගම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිය සේවාවන් පුළුල් කිරීමට තවදුරටත් වැඩි රණවිරුවන් සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැපයීමට අපේක්ෂා කරයි.