පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන විවාද වැඩසටහනකදී ඒ සඳහා දුරකතන ඇමතුමක් ලබාදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බව ඇමති විමිල් වීරවංශ මහතා පැවැසීය.
එම වැඩසටහනට සම්බන්ධ වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදාළ දුරකතන ඇමතුමෙන් තමන්ට අපහාසයක්වූ බව සඳහන් කරමින් පොලීසියේ පැමිණිල්ලක්ද කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (05දා) මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ රංජන් රාමනායක මහතා නළුවෙකු හෙයින් වයසක කටහඬකින් කතා කළ බවයි.