පිරිසක් සමග එක්ව කාන්තාවන් අපයෝජනය කිරීම හා බරපතළ ලිංගික අපරාධ කිරීමේ චෝදනා යටත් මන්නාරම, තල්අඩි කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා පොලිස් සේවා බළකායේ කපිතාන්වරයෙකු ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජේ.එම්.ඒ.කේ. ජයවර්ධන නමැත්තෙකි.
නාරාහේන්පිට පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී යුද හමුදා කපිතාන් වෛද්‍යවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.