යෝධ වැව ආශ්රිත අධිරක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී ඉදිකිරීම්
තිස්සමහාරාම - යෝධ කණ්ඩිය යෝධ වැව ආශ්රිත අධිරක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී ඉදිකිරීම් රාශියක් මේ වනවිට සිදු කරමින් පැවතීම යෝධ වැව් රක්ෂිතයට විශාල පාරිසරික හානියක් සිදු වන බව රුහුණු ගිරිවාපත්තු ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් චන්ද්‍රසේකර යාපා මහතා පවසයි.
යෝධ වැවේ අධිරක්ෂිත පෝෂිත කලාපය මෙම මානව ක්‍රියාකාරකම් නිසා දිනෙන් දිනම විනාශ වීමට පටන්ගෙන තිබේ. යෝධ වැව පිරී ඇති මේ කාලයේ වැව් රක්ෂිතය තුළ සාදා නිම කර ඇති සංචාරක හෝටල් සහ අනෙක් ඉදිකිරීම්වල මායිම් සීමා ඇතුළතටම වැවේ ජලය පිරී පැවතීම, වැව් රක්ෂිතය උල්ලංඝනය කර ඉදිකිරීම් කර ඇති බවට හොඳම සාධකය ලෙස පෙන්වා දිය හැකිය.
කොතෙක් නීතිරීති තිබුණද කාලයක් පුරාවට යෝධ වැව් රක්ෂිතය විනාශ කරමින් මෙම ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කරති.
මේ පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය සභා ලේකම් පී.එස්.නිහාල් මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.
"තිස්ස ප්‍රාදේශීය සභාව කොමසාරිස් පාලනය යටතේ පවතින පසුගිය මාස 31දා සිට තිස්සහාරාමයේ වැව් රක්ෂිතයක ඉදිකිරීම් සඳහා මම අවසර දීලා නැහැ. යෝධ වැව් රක්ෂිතයේ ඇති අනවසර ඉදිකිරීම් සඳහා නීතිමය කටයුතු සිදු කෙරේවි. පාරිසරික හානියක් කවුරුන් හෝ සිදු කර ඇත්නම් නීතියෙන් ගැලවීමක් ඇත්තේ නැහැ."
තිස්සමහාරාම රුක්මන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


