ගැටලුවලට විසඳුම් ඉල්ලා අරගල කරන ජනතාව හිටපු හමුදා නායකයෙකු යොදවා බිය ගැන්වීමට,මර්දනය කිරීමට උත්සාහ කිරීම ආණ්ඩුව තමන්ගේ වලිගය පාගා ගැනීමක් බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
එය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබානොදී බියගැන්වීම් කර මර්දනයට ලක්කර එම සටන් නිහඬ කිරීමට හැකි යැයි සිතූ ආණ්ඩුව ගත් අඳබාල තීරණයක් බවද, මෙවැනි ඒකකයක් පැමිණියහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවද එම සංවිධානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
උද්ඝෝෂණ හා අරගල මර්දනය කිරීමට හිටපු හමුදා නායකයෙකු වන සරත් ෆොන්සේකා මහතා යටතේ බළඇණියක් සකස් කිරීමට ගත් තීණය වහාම ඉවත්කරගත යුතු බවද හෙතෙම කියා සිටියේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ තම සංගමය මෙරටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගමයක් බවයි.