සීගිරිය ගුවන් හමුදා කදවුරු භූමියේ පැවති යොවුන් පුරය 2016 වැඩසටහනේ සමාප්ති උළෙල ඊයේ (02දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙරට තරුණ තරුණියන්ගේ නායකත්ව කුසලතා සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් "අනාගතය - ඇරඹුණා'' තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන සදහා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් තරුණ තරුණියන් පන්දහසක් පමණ සහභාගී වූ අතර විදේශීය තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක්ද එක්වීම විශේෂත්වයකි.
වසර 28 කට පසුව පවත්වන ලද යොවුන් පුරය සිහිගැන්වීම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් ද එළිදක්වන ලද අතර එය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් සංකේතාත්මකව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.