සමස්ථ තරුණ ප්‍රජාව නව මාවතකට යොමුකිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන යොවුන් පුරය වැඩසටහන මෙමස 30 වනදා සීගිරියේදී ආරම්භවීමට නියමිතව තිබේ.
සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී තරුණ තරුණියන් 5000 කගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන පැවැත්විමට නියමිත අතර මෙමගින් තරුණ තරුණියන්ගේ විනය, පෞරුෂය, නායකත්ව ගුණාංග මෙන්ම අධ්‍යාපනික ගුණාංග වර්ධනය කරීමේ වැඩසටහන් රැසක් පැවැත්වීම නියිමතය.
අප්‍රේල් මස 03 වනදා දක්වා පැවැත්වෙන මේ සඳහා විදේශ තරුණ තරුණියන් 120 දෙනෙකු ද සහභාගීවනු ඇත.