යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් එල්ල කළද මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටලුවක් නොමැති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ වනවිට රුසියාව, චීනය, ජපානය ඇතුළු රටවල් රැසක් ලංකාවේ මාළු මිලදී ගැනීමට සූදානම්ව සිටින බවත්, ඒ හරහා යුරෝපා සංගමයේ බලපෑම් අඩුවන බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් යුරෝපා සංගමය ජනවාරි මස 15 දින දක්වා මාස 03 ක කාලයක් ලබාදී ඇති බැවින් ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකාවට හැකිවන බවද විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
ධීවර අමාත්‍යාංශයේදී අද (15දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.