යුරෝපා මත්ස්‍ය තහනම වළකාලීම සඳහා මුලික අනුමැතිය එම සංගමය විසින් ලබා දී ඇති බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පැවසීය.
ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් සිදු කළ මසුන් මැරීම නතර කිරීමට බලධාරීන් අපොහොසත්වීම වීම හේතුවෙන් 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයන කරන මත්ස්‍ය නිෂ්පාදන සඳහා තහනමක් පැනවිණි.
පසුගිය මාසයේ ධීවර අමාත්‍යංශයේ ලේකම්වරිය ප්‍රධාන ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වුණු සාකච්ඡා වලින් අනතුරුවයි ඉහත කී මුලික අනුමැතිය ප්‍රකාශයට පත්කරනු ලැබිණි.