තමන්ගේම සෙවුම් යන්ත්‍රයක් වෙත යමින්, ගූගල්වලින් ඉවත් වීමට කටයුතු කළ යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මෙසේ ගූගල් ඉවත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට බලයක් නැතත්, මෙම ඡන්දය තුළ ඇමෙරිකානු අන්තර්ජාල බලවතා කෙරෙහි බලපෑමක් කිරීම සඳහා යුරෝපා අන්තර්ජාල නියාමකයන් වෙත බලවත් පණිවුඩයක් ලබාදීමට එම පාර්ලිමේන්තුව කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, ඇමෙරිකානු දේශපාලඥයන් හා ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම තීරණය පිළිබඳ බලවත් කුතුහලය පළ කර ඇති බවද කියැවෙයි.
යුරෝපය තුළ අන්තර්ජාල සෙවුම් තුළ 90% ක කොටසක් හිමිව පවතින්නේ ගූගල් වෙතයි.