යුරෝපය මාළු නොගත්තොත් බිලියන 13ක පාඩුවක්
යුරෝපා සංගමයේ රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය තොග මිලට නොගැනීම හේතුවෙන් එක් මසකට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 13 ක පමණ පාඩුවක් සිදුවන බව උතුරේ ධීවර සමිති නිලධාරීන් ඇතුළුව දිවයිනේ ධීවර සමිති කිහිපයක නිලධාරීහු වවුනියාවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අද (13දා) අනාවරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ උතුරු නැගෙනහිර ධීවර සහයෝගීතා සංවිධානයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාන් මහතා,
"මේ වනවිට උතුරු නැගෙනහිර මුහුදු සීමාව ඇතුළු ශ්‍රී ලංකා මුහුදු සීමාවන්හි ඉන්දියාව හා චීනය ඇතුළු රටවල්වලින් පැමිණෙන ධීවරයන් මසුන් අල්ලනවා. එයින් මෙරට ධීවරයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගැනීමත් ආදී කරුණු 17 කට විසඳුම් ලබාදිය යුතු බවට යුරෝපා සංගම විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නා. එහෙත් මේ දක්වා ඒ කිසිවකට විසඳුමක් හෝ කිසිදු පියවරක් නොගැනීම මත යුරෝපා සංගමයේ කිසිදු රටක් මෙරටින් මසුන් ගැනීමෙන් වැළකී සිටිනවා.
මේ තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම ශ්‍රී ලංකාවේ සුළුපන්න ධීවරයන් 30000 කට පමණ රැකියා අහිමි වී තියෙනවා. උතුරු නැගෙනහිර මෙන්ම ශ්‍රී ලංකාවේම ධීවර කර්මාන්තය ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින්නෙ. මේ පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවල ධීවරයන් විරෝධතා දක්වද්දි ඇතම් පුද්ගලයන් එම විරෝධතා වැළැක්වීමට පියවර ගන්නවා." යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

