යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා අද (14) දිවයිනට පැමිණීයාය. කෝවා මහත්මිය යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට සිදු කරන පළමු සංචාරය මෙය බව වාර්තා වෙයි.
2030දී මෙරට ස්ථීර සාමය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම අධ්යක්ෂක ජනරාල්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ. මෙම සංචාරය අතරතුරදී අධ්යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.