යුද්ධයෙන් නිවාස අහිමි වූ හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නිවාස 11,253ක් ඉදිකර දී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
මීට අමතරව ජීවනෝපාය මාර්ග ඉහළ දැමීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් 12,050 දෙනෙකුට ආධාර ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය.