යුද සමයේදී මියගිය පිරිසට වැඩි පිරිසක් වර්ෂයක් පාසා ලංකාව තුළ සිදුවන අනතුරුවලින් මියයන බවට උතුරු පළාත් ධීවර හා මහාමාර්ග අමත්‍ය පී.ඩෙනිස්වරන් මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරයේ මන්නාරම් දිස්ත්‍රික් නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ගෙවුණු 2016 හා මේ වසරේ ගතවූ මාස කිහිපය තුළදී පමණක් සිදුවූ රිය අනතුරුවලින් 2900 ක් පමණ මියගිහින්. 7500 කට පමණ දරුණු තුවාල සමගින් අත් පා අහිමි වෙලා. මේක බොහොම භයානක තත්ත්වයක්. යුද්ධය පැවති කාලෙවත් මේ විදිහට මිනිස්සු මැරුණෙ නැහැ.
ඒ නිසා මීට පිළියම් වශයෙන් මහා මාර්ග නීති වැඩි කිරීම හා රියදුරන් දැනුවත් කිරීම සිදුකළ යුතුයි. තවද මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට දඩ මුදල් වැඩි කර හෝ දඬුවම් ලබාදිය යුතුයි.”යැයිද පැවසීය.