යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලුතිනන් ජෙනරාල් තනතුරට උසස්වී යුද හමුදාපති ලෙස පත්වීමත් සමග හිස්වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර සතියක කාලයක් තුළ පත්කිරීමට නියමිතය.
එම තනතුර සඳහා බටහිර සේනා අඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා හා ආරක්ෂක සේවා අණ හා මාණඩලික විද්‍යාලය (බටලන්ද) සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යන මහත්වරුන් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.