සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩ ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර අක්කර 11400ක් යුද හමුදාව විසින් නීති විරෝධී ලෙස පවරාගෙන විවිධ ආයතනවලට බදු දීම සිදු කරන බව පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි.
මෙම වනාන්තරයෙන් අක්කර 7000කට අධික ප්‍රමාණයක් මේ වන විටත් 33 අවුරුදු බදු පදනම මත ලබාදී ඇති බවත් පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරයි.