යුද හමුදාවට ගන්න රු 18000ක් අල්ලස් ඉල්ලලා?
පනාගොඩ යුද හමුදා කඳවුරේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සැරයන්වරයෙකු රුපියල් දහඅට දහසක (18000) අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වේ.
පනාගොඩ යුද හමුදා කඳවුර වෙත යුද හමුදාවට බැඳීමට ගොස් සුදුසුකම් නොමැතිකම මත සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් අයෙකුගෙන් සුදුසුකම් වෙනස් කර බඳවා ගැනීමට ඔහු මෙම අල්ලස ඉල්ලා ඇත.
අදාළ මුදල් සැරයන්වරයාගේ ගිණුමට බැරකරන ලෙස පැවැසු බව පොළොන්නරුව කජුවත්ත රුහුණුගම පදිංචි (19) හැවිරිදි තරුණයෙකු පවසා සිටියි.
එම තරුණයා පසුගිය දිනක යුදහමුදාවට බැඳීමට පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැති සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත්වීමට තම මිතුරෙකු සමග ගොස් තිබේ. එහි දී වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වීම නිසා නැවැත පැමිණ පොලිස් වර්තා රැගෙන එන ලෙස පවසා ඇති අතර ඒ අනුව අනුව පොලිස් වර්තා රැගෙන නැවැත ගිය අවස්ථාවේ අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පවසා ඇත. පසුව එම ස්ථානයට පැමිණි සම්මුක පරීක්ෂණ මණ්ඩලයේ සිටි සැරයන්වරයෙකු පවසා ඇත්තේ මම දෙන්නම ගන්නම් හැබැයි රුපියල් 15.000ක් අවශ්‍ය බවයි.
"ඉන්ටවි බෝඩ් එකේ හිටපු සාජන් මහත්තයෙක් ඇවිත් කිව්වා මම ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කරලා ගන්නම් හැබැයි 15.000ක් ඕනි කියලා. අපටත් කොහොමහරි යන්න ඕනි නිසා හා කිවුවා. එහෙනම්
ෆෝන් නොම්බර් දීලා යන්න මම කොල් කරන්නම් කියලා කිවුවා. අපි මගට එනකොට ඒ මහත්තයා කෝල් කරලා කිවුවා රුපියල් 15.000ක් බැහැ 18.000ක් ඕනි කියලා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


