ආණ්ඩුව දැනුම්වත්ව කොටි සංවිධානය උතුරේ ජනසංහාර සති පවත්වද්දී දකුණේ ඇමතිවරුන් රණවිරුවන්ට නිග්‍රහ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය අද (17දා) සඳහන් කළේය.
රටට නිදහස දිනා දුන් රණවිරුවන් සැමරීමට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ටෙන්ට් තුනක් ගසමින් සංස්කෘතික සංදර්ශනයක් පමණක් සූදානම් කර තිබීම කනගාටුවට කරුණක් බවද එම එම පක්ෂය පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සිසිර ජයකොඩි, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ රාජිත සේනාරත්න මහතාගේ කැලෑ හමුදා අතර වෙනස්කමක් තිබෙන බවයි.
රණවිරුවන් අතින් සාමාන්‍ය ජනතාව මියගිය බවත්, කොටි සංවිධානයේ සැමරුම් සාධාරණීකරණය කිරීමක් කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් රාජිත සේනාරත්න මහතා සිදු කර තිබෙන්නේ රජයේ නිල ස්ථාවරය අනුවදැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටට පැවසිය යුතු බවද එම මන්ත්‍රීවරු පැවසූහ.