යුද හමුදාව විසින් ගාල්ලේ උපකාරක පන්ති වෙත ගොස් යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් කරන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (15දා) නවතා දැමීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවෙන ආකාරයේ වැඩසටහන් යුද හමුදාව විසින් තරුණ දරුවන්ගේ පන්තිවල පෙන්වන බවට පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ මැතිවරණ කාර්යාල නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් වැඩසටහන නැවැත්වීමට නියෝග කර ඇත.
කෙසේ වෙතත් එම වැඩසටහන පවත්වන්නේ තරුණ තරුණියන් යුද හමුදාවට බඳවා ගැනීමේ ප්‍රවර්ධන කාර්යයක් ලෙසින් යැයි යුද හමුදාවේ අදාළ වැඩසටහන භාර නිලධාරිවරයා තමන්ට දැනුම් දුන් බව කොමසාරිස්වරයා පවසා සිටියේය.