කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වුවන් පිළිබඳව සොයා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක අද (31) එම ප්‍රදේශයෙහි සංචාරයක නිරත වෙමින් අනතුරට ලක් වු ප්‍රදේශවාසීන් සමඟ ද කථා බහ කළේය.
යුද හමුදාපතිතුමා සහන සේවා සඳහා උපරිම දායකත්වය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ භාර යුද හමුදා නිළධාරීවරුන්ට උපදෙස් ද ලබා දී තිබේ
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ අධ්යක්ෂ ජෙනරාල්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වුහ.