මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කොට තිබේ. සපුගස්කන්ද ආරක්ෂක සේවා විද්‍යාලයේ සේනාවිධායක ලෙස අමල් කරුණාසේකර මහතා මේ වන විට කටයුතු කරයි.
හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ධුරයට උසස්වී යුද හමුදාපති වශයෙන් පත්විය.
යුද හමුදාවේ දෙවැනි ඉහළම නිලය වන්නේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.
1981 වසරේදී කැඩෙට් නිලධාරීයෙකු ලෙස යුද හමුදාවට එක්වෙන අමල් කරුණාසේකර මහතා 1984දී දෙවැනි ලුතිනන් තනතුරට පත්විය.
යුද හමුදාවේ විවිධ නිලතල දරමින් වසර 35ක් පුරා ලක්මාතාවට සේවය කළ අමල් කරුණාසේකර මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය රටින් තරන් කිරීමේදී සුවිශේෂී සේවයක් කළ යුද විරුවෙකි.
53 වැනි සේනාංකයේ සේනාධිපති වශයෙන් කටයුතු කර ඇති අමල් කරුණාසේකර මහතා රණ වික්‍රම පදක්කම, විශිෂ්ඨ ෙස්වා විභූෂණ, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කස යන පදක්කම්වලින්ද පිදුම් ලබා ඇත.