ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් PIAC නමැති රාජ්‍ය නොවන සංවිධානයක් පැවැත්වූවා යැයි කියන පරීක්ෂණ තොරතුරු මත ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළේ යැයි චෝදනා එල්ල කරමින් මාධ්‍යයට ලබාදී ඇති වාර්තාව සම්පූර්ණ සාවද්‍ය වාර්තාවක් බව හෙළිවී තිබේ.
මෙම රාජ්‍ය නොවන සංවිධානයේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා මෙම වාර්තාව සාවද්‍ය බව කරුණු සහිතව එරට මාධ්‍ය වෙත පෙන්වා දී තිබේ.
මෙම සැලසුම්ගත වාර්තාවේ අරමුණ ශ්‍රී ලංකා හමුදාවට පමණක් යුද අපරාධ චෝදනා එල්ල කිරීම බවත්, කොටි සංවිධානයට එරෙහි අවසන් යුද්ධයට සම්බන්ධ වූ හමුදා ප්‍රධානියෙකු ලෙස තමා වගකීමෙන් යුතුව මෙම ප්‍රකාශය සිදුකරන බවත් තිසර සමරසිංහ මහතා පවසා තිබේ.
“අප දරුණු යුද්ධයක නිරත වූ බව සත්‍යයක්. එහිදී සිවිල් වැසියන්ටද තුවාල සිදුවිය හැකියි. එහෙත්, කිසිසේත් සිවිල් වැසියන් ඉලක්ක කොටගෙන ආරක්ෂක හමුදා සැලසුම් සහගත ප්‍රහාර එල්ල කළේ නැහැ. එය මුළුමනින්ම අසත්‍ය චෝදනාවක්” යැයි මෙරට යුද්ධයේදී මානුෂිකත්වයට එරෙහි විවිධ අපරාධ සිදු නොවූ බව පෙන්වා දෙමින් තිසර සමරසිංහ මහතා ඕස්ටේ්රලියානු එස්.බී.එස් මාධ්‍ය සේවාව වෙත අදහස් දක්වා තිබේ.