නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේන හමුදා අතර පවතින ගැටුම් වැළැක්වීම සඳහා සාම මාවතක් සැකසෙන බව යුක්රේන ජනාධිපති පේට්රෝ පොරොෂෙන්කෝ පවසයි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග ප්රථම වරට සෘජු සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, යුක්රේන නායකයා මෙසේ අදහස් දැක්වීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු නායකයා කියා සිටියේ මේ සම්බන්ධ සංවාදයකට රුසියාව සූදානම් බවයි.
නමුත්, ගැටුම් නැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේනය මූලික විය යුතු බව හෙතෙම වැඩිදුරටත් පවසයි.