වන අලි පහර දීමකින් මෙරට පැමිණි විදෙස් සංචාරකයෙකු ඊයේ (24 දා) පස්වරුවේ මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු බව හබරණ පොලිසීය කියයි.
හබරණ සීගිරිය මාර්ගයේ මහසෙන් ගම ප්රදේශයේදී යුක්රේන ජාතිකයා වන අලි ප්රහාරයට ගොදුරු වී ඇත' අතර ඔහුගේ මෘත දේහය පොලොන්නරුව මහා රෝහලේ තැම්පත් කර ඇත. හබරණ පොලිසීය පරීක්ෂණ සිදු කරයි.