යුක්තියක් නැති අධිකරණ අමාත්‍යාංශය රජයටත් ලැජ්ජාවක්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රදවාගෙන සිටි පුද්ගලයින් ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි විමර්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර සහ කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වසර ගණනාවක් චෝදනා එල්ල කිරීමකින් හෝ තොරව රදවා ගනු ලැබන සිටින පුද්ගලයින් 32 ක් ඇප මත නිදහස් කිරීමට අද මුලික කටයුතු යොදා තිබුණි. එසේ තිබිය දී අධිකරණ අමාත්‍යාංශයේ සහ නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිවාදී ක්‍රියා කලාපය හේතුවෙන් මේ පිරිස නැවත බන්ධනාගාර ගත කොට ඇත. විවිධ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ දක්වා රැදවුම් භාරයේ පසුවන මේ පිරිසට එරෙහිව චෝදනා ගොනු කිරීමට වසර ගණනාවක් නීතිපති දෙපාර්තමේන්තුවට හැකි වී නැත බවත්, යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ සියලු ශිෂ්ඨ පිළිගැනීම් නොතකා මෙම රැදවියන් වසර ගණනාවක් පුරා සිර ගත කොට සිටින බවත් නිවේදනයේ සදහන්ය.
ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා ගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබද ශ්‍රී ලංකාව මානව හිමිකම් කේන්ද්‍ර සහ කැෆේ සංවිධානයේ බලවත් විරෝධය පල කරන බවත් නිවේදනයේ සඳන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

