යාල ජාතික වනෝද්‍යානයේ දිවියන් සංරක්ෂණය කිරීමේ සහ එම සතුන් ගැන පර්යේෂණ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වනසත්ව දඬයම බාධාවකින් තොරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙරීගෙන යන බවත් වනජීවී හා වෘක්ෂලතා ආංඥා පනත කඩකරන්නන් ජාතියට වින කරන දේශද්‍රෝහින් ලෙස හැඳින්විය යුතු බවද ඒ මහතා කීය.
සම ලබා ගැනීමට දිවියෙකු මැරීමත්,මස් පිණිස මොණරෙකු මැරීමත්,පණපිටින් රාජාලියෙකු හමගැසීමත් යන ක්‍රියා ගල්යුගයේ ම්ලේඡ ක්‍රියා බවත් එම පුද්ගලයිනට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස තමන් වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
සෙල්ලකතරගම එම්.එන්.පියරත්න