පලෙයි සිට කොළඹ කොටුවබලා ධාවනයවන යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේදී අද (24දා) පීලි පැනීමකට ලක්විය.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුලුමනින්ම නතරවී තිබේ.
රජරට රැජිණ දුම්රිය මහව දුම්රිය ස්ථානයේ නවත්වා තිබේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට දුම්රියක් ගෙන්වා ඒ හරහා යාල් දේවිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ඇඳගෙන යාමට කටයුතු කරන බව මහව දුම්රිය ස්ථාන ප්රකාශයෙකු පැවැසීය.
සංජීවනී ජයසේකර