කොළඹ සිට යාපනය බලා ගමන් ගත් යාල්දේවි දුම්රියේ ගමන් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මීරිගම ගණේගොඩ දුම්රිය ස්ථානය අසලදී පෙරේදා (12) වැනිදා රාත්රියේ දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ මහව කැකුණව තානායම පාරේ පදිංචිව සිටි පී.එම්. චන්දන රුවන් කුමාර නමැත්තෙකි.
ඔහු පාපුවරුවේ හෝ ඒ ආසන්නයේ වාඩිවී ගමන් කරන අවස්ථාවේ අනතුරට පත්ව ඇති බවට පොලීසිය සැක කරයි. මියගිය අයගේ දේහය වතුපිටිවල මූලික රෝහලට ගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඥාතීන්ට බාරදීමට මීරිගම පොලීසිය කටයුතු කරනු ලැබීය.