උතුරු දුම්රිය මාර්ගයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානක් වූ පලෙයි දුම්රිය ස්ථානයට අද (04දා) ප්‍රථම වතාවට කිලිනොච්චියේ සිට යාල්දේවි දුම්රිය ගමන් කරවිය.
ඒ අනුව පරන්තන් අලිමංකඩ හා පලෙයි දුම්රිය ස්ථාන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය පසුගිය සැප්තම්බර් මස 14 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් කියා සිටියේ, එලඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට යාපනය දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරවන බවයි.