යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් හා දඩයක්කරුවන් තිදෙනෙකු සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දඩයක්කරුවෙකු මියගොස් තිබේ. අනෙක් දඩයක්කරුවන් දෙදෙනා ගිනිඅවියක් සමග වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .
වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර කතරගම රෝහලට ගෙන ගොස් තිබේ . වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටිකන්ද පාමුල පදිංචි ශාන්ත ලක්මාල් නමැති වයස අවුරුදු 33 ක අයෙක් වේ.