යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැකි සෆාරි ජීප් රථ ගණන 600 දක්වා ඉහළ දැමීමට රජය එකඟ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක මහතා කියා සිටියේ මින් පෙර දිනකට වනෝද්‍යානයට ඇතුළු විය හැකි වාහන සංඛ්‍යාව 500ක් වූ අතර, එය උදය වරුවේ වාහන 250ක් සහ සවස් කාලයේ වාහන 250ක් ලෙසින් සීමා කර තිබූ බවයි.
මේ නිසා බොහෝ සංචාරකයන් හරවා යැවුණු අතර, මේ හේතුවෙන් ජනපති, අගමැති සහ වන සංරක්ෂණ ඇමතිවරයා වෙත ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම යෝජනාව කර තිබූ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන තිබිණි.