යාල වනෝද්‍යානයේ ගල්ගේ කලාපය අද(26) සිට ජනතාවට විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
වෙනත් කලාපයන්ට වඩා මෙම කලාපවල වන සතුන් වැඩි වශයෙන් දැක බලා ගැනීමට ජනතාවට හැකි වන බව එහි වැඩබලන වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්ද්රසිර බණ්ඩාර මහතා පැවසුවේය..
වනෝද්‍යාන වලට මෙතෙක් නියඟයෙන් බලපෑමක් එල්ල වී නොමැති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.