කෝපායි, කොන්ඩාවිල් ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (10දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගිනි. අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්වැටිතුරේ, කොකුවිල් පදිංචිකරුවන් වෙයි.
ඔවුන් ඊයේ යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.