යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්ථාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාශයෙන් හා වගකීමෙන් පවසන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පැවසීය.
පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී අද (15දා) පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කුකුළු පැටවුන් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමින් ඒ මහතා එසේ පවසා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පැවසීය.
"අපි මේ වෙන කොට පුනරුත්ථාපනය කරපු 12190 කිසිම කෙනෙක් යාපනයේ හෝ උතුරු නැගෙනහිර පළාත්වල ප්රචණ්ඩක්කාරී ක්‍රියාවකට හෝ නීතිවිරෝධී වගේම ආණ්ඩු විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වාර්තා අනුවම පෙන්වා දෙන්න පුළුවන්. එකම එක අවස්ථාවක පමණක් දකුණු ප්‍රදේශයේ පමණක් එක් සාමාජිකයෙකු පාතාලයේ සිදුවීමකට සම්බන්ධවෙලා තියෙනවා එච්චරයි.
‘ඒ වගේම තමයි අපිට බැහැ තවත් අයෙකුගේ මනස සම්පූර්ණයෙන්ම හදන්න දැන් අපි 12190 ක් පුනරුත්ථාපනය කළාට 100% ක්ම පුනරුත්ථාපනය වුණා කිලයල කියන්න බැහැ. ඒක අපි පිළිගත යුතුයි නමුත් මම දන්න විදිහට මේ පිරිසෙන් කිසිම කෙනෙක් මේ වන තුරු නීති විරෝධී දේකට සහභාගී වෙලා නැහැ කියල විශ්වාසයෙන් කියන්නේ.
මේ වගේ සිදුවීම් දකුණෙත් වෙනවාත එහෙම එකේ නැවත එල්.ටී.ටී.ඊය හිස ඔසවනවා කියලා බොරු ප්‍රචාර කරනවා නම් ඒ අයගේ වෙනම න්‍යායක් ,අරමුණක් තියෙන්න ඕන. අපි හිතන්න ඕන මිනිස්සුන්ගේ මනසට බොරු ප්‍රචාර නොදමා නැවත රට ආපස්සට නොයන්න කටයුතු කරන ලෙස ඉල්ලනවා."