යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂකයන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන යාපනය පොලීසියට භාර වී සිටින සැකකරු පිළිබඳව තොරතුරු රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.
සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්රියාකාරී සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇතැයි ඔහුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක විසින් පවසා තිබේ.
ඔහු මුලදී පෞද්ගලික බස් රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර අනතුරුන ත්රිරෝද රථයක්ද පදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු පදවා ඇති ත්රිරෝද රථය නල්ලූර් ත්රිරෝද රථගාලේ නතර කර තැබීම සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේ එම ත්රිරෝද රථ ගාලේ රියදුරන් සමග ආරවුලක් ඇතිවී තිබෙන බවද පොලීසිය පවසයි.
එය දුරදිග යාම නිසා සැකකරු තම සොහොයුරා හා ඥාතියෙකු සමග බීමතින් පැමිණ මෙම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුකර ඇති බවත් එයට මැදිවූ මහාධිකරණ විනිසුරුගේ රථය සහ ආරක්ෂකයන් මෙම වෙඩි තැබීමට ගොදුරු වූ බවට පැවසේ.
සැකකරු විසින් අදාළ වෙඩි තැබීම සිදු කොට අසල සිටි කාන්තාවකගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති අතර සැකකරු යතුරු පැදියේ ගමන් කරන අයුරු මාර්ගයක සී.සීටී.වී කැමරාවකද සටහන් වී තිබුණු අතර අදාළ යතුරු පැදිය යාපනය අරියාලෙයි ප්රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇත.