යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුල වාර්තා වූ මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවට තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මෙම මරණ හඳුනා නොගත් හේතුවක් නිසා සිදුවන බවට වාර්තා වන තොරතුර පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකළ මුලික විමර්ශණයකින් මේ බව තහවුරු වී ඇත.
මරණ සියල්ලම සායනිකව තහවුරු කළ විවිධ රෝගී තත්ත්වයන් හේතු වී ඇති බවට වෛද්‍ය සාක්ෂි ඇති බවත් මෙම මරණ එකම පවුලක හෝ ඔවුන්ගේ ඥාතීන් අතර සිදුව නැති බව ත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
අදාල මරණ යම්කිසි හදුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි.
.