යාපනයේ නව මහාධිකරණ විනිසුරු ලෙස එම් .ඉලන්චේලියන් මහතා අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා විසින් පත්කොට තිබෙන බව යාපනය දිස්ත්රික් නීතිඥවරුන්ගේ සංගමය පවසයි.යාපනයේ මෙතෙක් මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ කනකා ශිවපාකසුන්දරම් මහත්මිය ජුනි මස 01වැනිදා සිට යාපනය සිවිල් අභියාචනාධිකරණයේ කොමසාරිස්වරිය වශයෙන් පත්කොට ඇති බවද එම සංගමය සඳහන් කරයි.
එම්.ඉලන්චේලියන් මහතා 2008 වසරේ සිට 2010 වසර දක්වා යුද බලපෑම්වලට නොබියව වවුනියාවේ දිසා විනිසුරුවරයෙකු වශයෙන් සේවයක් කර ඇත. පසුව ඔහු 2010 වසරේදී ත්රිකුණාමලය සහ 2014 වසරේදී කල්මුනේ යන ප්රදේශවල අධිකරණවල කටයුතු කර ඇත.