යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (22දා) රාත්රියේ යාපනය උරුම්පිරායි මන්සන්ධියේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් කපා කොටා පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි.
සුරෙස්වරන් කනිස්ටන් (24) නැමැත්තෙකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
පහරකෑමෙන් තුවාල ලත් තරුණයා යාපනය මහ රෝහලට ඇතුළත් කොට ඇත.
කරණවෑමියෙකු වන පහරකෑමට ලක්වූ තරුණයා සිය සේවා ස්ථානයේ සේවයේ නිරත වන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් තිබේ. අදාළ පහර දීමට සිදු කළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
මෙය පෞද්ගලික කෝන්තරයක් මත සිදු වූවක් බවට සැකකරන බව පරීක්ෂණ සිදු කරන කෝපායි පොලීසිය පවසයි.