යාපනය කරෙයිනගර් රාජරාජේෂවරී අම්මාන් හින්දු කොවිල අසල පිහිටි පාළු ළිඳක තුළ තිබූ පුපරන ද්‍රව්‍ය තොගයක් හා යුද උපකරණ රැසක් ඊයේ (29දා) සොයා යාගැනීමට හැකිවූ බව යාපනය පොලීසිය බවසයි.
අදළා ළිඳ පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසීන් සිටි පිරිසක් මුලින්ම මෙම යුධ උපකරණ දැක නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ. පසුව නාවික හමුදාව හා පොලීසියේ මැදිහත් වීමෙන් එහි තිබූ ක්ලේමෝ බෝම්බ 14, මෝටාර් උණ්ඩ 02ක හා පීඩන බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
අදාළ පුපුරන ද්‍රව්‍ය හා යුද උපකරණ කල් ඉකුත්වූ තත්ත්වයේ තිබූ බවත් නාවික හමුදාව විසින් මේවා නිෂ්ක්‍රීය කර විනාශ කිරීමට පියවර ගත් බවද පොලීසය පවසයි.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.