පසුගිය කාලය තුළ යාපනය අර්ධ ද්වීපයේ ස්ථාපිත කර තිබූ කුඩා හමුදා කඳවුරු 214ක් ඉවත් කිරීමට කටයුතු කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
ආරක්ෂාව පිළිබඳව ස්ථාවරත්වයක් රට තුළ ඇතිවී තිබීම හා ජනයාගේ සාමකාමී බව සලකා බලා මෙම හමුදා කඳවුරු ඉවත් කළ බව බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.
ඒ අනුව හමුදා සෙබළුන් 3- 4 ක් අතර රඳවා සිටි කුඩා හමුදා කඳවුරු මෙසේ ඉවත් කළ බවත් ඒවායේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් වඩමාරච්චි ඇතුළු ප්‍රධාන හමුදා කඳවුරුවලට අනියුක්ත කළ බවත් වනිගසූරිය මහතා පවසා සිටියේය.
මහජනතාවගෙන් කෙරෙන ඉල්ලීම් හා රටේ ආරක්ෂක තත්ත්වය සලකා බලා රට තුළ පිහිටා ඇති අනෙක් කුඩා හමුදා කඳවුරුද ඉවත්කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද බ්‍රිගේඩියර්වරයා පැවසීය.