යාපනයේ කඳවුරු ගැන යුද හමුදාව කියයි
- 18 06 2015
- 09:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
2015 ජනවාරි මස සිට යාපනයේ යුද හමුදා කඳවුරු 59 ක් ඉවත් කර තිබෙන බවට ප්‍රචාරය වන තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානය සඳහන් කරනනේ 2009 මැයි මස 19 වන දා පටන් හමුදා කඳවුරු ඉවත්කිරීමට කටයුතු කළ බවත් මේ වසරේ ජනවාරියේ සිට කිසිඳු හමුදා කඳවුරක් ඉවත් නොකළ බවත්ය. යුද හමුදා මූලස්ථානය නිරන්තරයෙන් උතුරේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් යුක්තව කටයුතු කරන බවත් සෑම විටම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
| වසර | ඉවත් කරගත් කඳවුරු ගණන |
| 2009 | 07 |
| 2010 | 09 |
| 2011 | 04 |
| 2012 | - |
| 2013 | 15 |
| 2014 | 24 |
| 2015 | - |
| එකතුව | 59 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

