යාපනය මනිපායි ප්රදේශයේදී ඊයේ (26දා) රාත්රියේ යතුරුපැදි කිහිපයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.
ඉනුවිල් ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පෙදරේරුවෙකු මෙලෙස පහරදීමට ලක්ව ඇත. පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීමට පැමිණි සැකකරුවන් මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති බවත් ඔවුන් පැමිණි යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.