යාපනය SSP අත්අඩංගුවට
බියගම විලේජ් හෝටලයේ හිමිකරු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී. විමලසේන මහතා හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරික්ෂක මහේෂ් ආනන්ද මහතා අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
2012 වසරේදී සිදුවූ මෙම ඝාතනයේ සැබෑ ඝාතකයා වුයේ ඔහුගේම පුත්‍රයාය. එසේ වුවද, ඝාතනය සිදුකර එය වෙනත් තරුණයකු එය සිදුකල බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබු අතර, අදාල තරුණයාගේ නිවස ආසන්න ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වල දමා තිබියදි පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
කෙසේ වෙතත්. එම පුපුරණ ද්‍රව්‍ය ඝාතක පුත්‍රයා විසින් ගෙන්වාගෙන ඇත්තේ එවකට විශේෂ කාර්ය බලකායේ සේවය කල ඔහුගේ මිත්‍ර පොලිස් අධිකාරිවරයෙකු මගිනි.
මෙම සිදධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැබෑ ඝාතකයා වෙත පුපුරණ ද්‍රව්‍ය සැපයිමේ වරද සම්බන්ධයෙන් එවකට විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදි සිටි දැනට යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයා මෙහේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

