යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසුදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදුවන බවත්, ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවටත් විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරු අඟවා තිබේ.
මෙම අනතුරු ඇඟවීම පිළිබඳව උතුරේ ජනතාව දැනුම්වත් කරන උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්කරනේෂන් පවසන්නේ, යාපනයේ ජනතාව පරිසරයට මීට වඩා ආදරය කළහොත් මෙම අර්බුදයෙන් ගැලවිය හැකි බවයි.
යාපනයේ පිහිටි භූගෝලීය විෂමතාවක් හේතුවෙන් ගොඩබිම මුහුදට සෝදාගෙන යා හැකි බව පවසන කෘෂිකර්ම අමාත්‍යවරයා, ඉන් ආරක්ෂා වීමට හැකි ක්‍රමයක් වහාම සෙවිය යුතුව ඇතැයිද පැවසීය.
මේ පිළිබඳව කළ විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා පැවසුවේ, යාපනය අර්ධද්වීපයට සිදුවන මෙම හානිය දැනටමත් සිදුවීම ආරම්භ වී ඇති බවයි.
යාපනය පුරා පිහිටි හුණුගල් තට්ටු ජලය සමග දියවී යාමත් සමගම විශාල ඇළවල් හෑරී එම ඇළවන් මුහුදට විවෘත වීම නිසා ජලය සමග මුහුදු ජලය මිශ්‍රවන බව කී මහාචාර්යවරයා, ජනතාව භූගත ජලය වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා තරමට ඒහා සමානව මුහුදු ජලය සාමාන්‍ය ජලය සමග මිශ්‍රවන බවද සඳහන් කළේය.